Wednesday, October 14, 2020

 


මීළඟ ආක්‍රමණිකයා

_________________


ලංකාවේ හැමෝට ම චීන භාෂාව ඉගෙන ගන්න වෙනවා කියන අදහස වගේ ම චීන භාෂාවෙන් ලියැවුණු අනාගතයේ වැදගත් වෙන්න පුළුවන් නොයෙක් වැකිත් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශයේ ඉතා ම වේගයෙන් සංසරණය වෙනවා. මේක සිද්ධ වෙන්නෙ විහිළුවක් විදියට වුණාට මේක පිටුපස අපි හැමෝට ම ඉදිරි වසර කිහිපය තුළ ගැටෙන්න සිද්ධ වන දරුණු යථාර්ථයක් සැඟවිලා තියනවා. ඒ තමයි චීනය මේ වන විට ලංකාවේ සිදු කරමින් පවතින ඉතා ම දැවැන්ත ආර්ථික ආක්‍රමණය. යෝධ බූවල්ලෙකු වගේ සතර අතට අඬු විහිදමින් චීනය අපි නොහිතන තරම් වේගයකින් චීනය ලංකාවේ ආර්ථිකයත් ඒ හරහා රටේ දේශපාලන ක්‍රියාවලියත් ගොදුරු කරගනිමින් සිටිනවා. 


මේ ලියන මොහොත වන විටත් ගැලවීමක් ගැන් හිතන්න බැරි තරමට අපි චීනයේ ආර්ථික ආක්‍රමණයේ පැටලිලා ඉන්නවා. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව මේ ආක්‍රමණිකයාට තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න පහසු විදියට දරුණු ආර්ථික අගාධයක මේ රට සිර කරමින් ඉන්නවා. මේක සංසන්දනය කරන්න පුළුවන් 1815 සුද්දන්ට මේ රට භාර දෙන්න උඩරට ගිවිසුම අත්සන් කරපු වෙලාවේ සිංහල රදළ නායකයන් ගේ අමන ක්‍රියාකලාපයට. 


මේ අවුරුද්දේ මැද වෙනකොට ලංකාවේ සමස්ත විදේශ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවලා තියනවා. මෙයින් සියයට 10ක්, ඒ කියන්නේ ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් අයිති චීනයට. ඒ වගේ ම ජපානයට ඩොලර් බිලියන 4.4ක් අයිතියි. 


චීන ණය වල තියන ලොකු ම ගැටලුව තමයි මේ ණය විශාල වශයෙන් යොදවලා තියෙන්නේ ප්‍රතිලාභ නැති මෙගා ව්‍යාපෘති වලට. මේ බොහොමයක් චීන ණය අරගෙන, චීන සමාගම් හරහා, චීන සේවකයන් යොදවලා නිම කරපු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති. ප්‍රතිලාභ නැති මේ ව්‍යාපෘති හරහා චීනය ගැලවෙන්න බැරි විදියට අපේ රට ආර්ථික උගුලක හිර කරලා තියනවා. මේකට පාර කැපුවේ 2015ට කලින් හිටපු රාජපක්ෂ ආණ්ඩුව. මේ ගමනේ තීරණාත්මක සංධිස්ථානයක් තමයි ණය ගෙවාගන්න බැරිව හම්බන්තොට වරාය අවසානයේ අවුරුදු 99කට චීනයට ම පවරන්න සිදු වීම. හැබැයි ඒක මේ ආක්‍රමණයේ ආරම්භය පමණක් බව අපි අමතක නොකළ යුතුයි. 


මේ ඔක්තොම්බර් මාසයේ විතරක් ලංකාව ඩොලර් බිලියනයක ණය ගෙව්වා. ඒ ණය ගෙව්වේ දැනට ක්ෂය වෙමින් යන විදේශ සංචිත වලින්. ඒ අනුව රටේ සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 දක්වා අඩු වෙලා තියනවා. ඒ වගේ ම ඉදිරි වසර පහක කාලය තුළ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට ඩොලර් බිලියන 4.8ක විතර විදේශ ණය ගෙවන්න තියනවා. 2020 අවුරුද්ද අවසන් වෙනකොට අපේ විදේශ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 100 මට්ටමට ළං වෙනවා. මේ ණය දැනටත් ක්ෂය වෙමින් යන විදේශ සංචිතවලින් ගෙවන්න බැරි බව සිහි නුවණ තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා. 


ඒ සඳහා තියන එක ම විකල්පය තමයි තව තවත් ණය අරන් මේ තියන ණය ගෙවන එක. තමන් ඉදිරිපත් කරන කොන්දේසි සපුරන්නෙ නැති නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නෙ නෑ. වැරදි ආර්ථික කළමනාකරණය නිසා අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම්වලින් දිනෙන් දින පහළට වැටෙන නිසා වෙනත් මාර්ගවලින් ණය ලැබෙන්නෙත් නෑ. එතකොට ආපහු ඉතුරු වෙන එක ම විකල්පය චීනය විතරයි. චීනය ඉතා ම කැමැත්තෙන් මේ ණය තොන්ඩුව තවත් හිර කරන්න කටයුතු කරන බව පැහැදිලියි. 


මේ වන විටත් චීනයෙන් තව තවත් ණය ගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. චීන සංවර්ධන බැංකුව මේ වසරේ ඩොලර් බිලියන 1.2ක ණයක් ලංකාවට පොරොන්දු වුණා. එයින් ඩොලර් මිලියන 500ක් දැනට ම අපට ලැබිලා තියෙනවා. ඉතිරි ඩොලර් මිලියන 700 ලබාගන්න මේ දිනවල සාකච්ඡා කරනවා. මේ ණය සඳහා ඉදිරිපත් කරන කොන්දේසි මොනවද, ඒ ණය වෙනුවෙන් අපි චීනයට දෙන්න ඕනෙ මොනවද වගේ කාරණා ගැන රටේ පාර්ලිමේන්තුවවත්, පුරවැසියනුත් කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ හැම දෙයක් ම "රාජ්‍ය රහස්"! 


ණය ආපහු ගෙවන්න බැරි දිළිඳු රටවලට, අන්ත දූෂිත දේශපාලන ක්‍රමයක් තියන රටවලට, ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒකාධිපතින් පාලනය කරන රටවලට ණය දෙන්න චීනය හරි ම කැමතියි. ඒ, එහෙම රටවල් ණය හරහා ම තමන්ගේ න්‍යාය පත්‍රයට ලෙහෙසියෙන් ම ගොදුරු කරගන්න පුළුවන් නිසා. ලංකාව දැන් චීනයට අවශ්‍ය මේ මාවතේ ගමන් කරන නිසා ඉදිරියට තවත් බොහෝ දේ දැකබලාගන්න පුළුවන් වෙයි. අනාගත දැක්මක් තියන පාලකයන් ඉන්න රටවල් චීනය විසින් අටවන ලද මේ ආර්ථික උගුල්වලින් ගැලවෙන්න නොයෙක් ක්‍රමෝපායන් හදනකොට ලංකාවේ පාලකයන් දවසින් දවස චීනයට අපේ ආර්ථිකය උකස් කරනවා. 


මේ උගුල ඇතුළේ අපේ විදේශ ප්‍රතිපත්තිය අවුලෙන් අවුලට පත් වෙනවා. ස්වාධීන සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබුණු ලංකාව ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට පත් වෙනවා. චීනයට ප්‍රතිවාදී බල කඳවුරු මත රඳා පවතින අපේ රටේ කර්මාන්තවල අනාගතය අස්ථාවර වෙනවා. ඒ වගේ ම අනුන්ගේ සටන්වල සොල්දාදුවෙකු බවට පත් වෙලා ඒ වෙනුවෙන් දරාගන්න බැරි තරමේ වන්දි‍යක් ගෙවන්න අතිශය දුර්වල ආර්ථිකයක් තියන මේ පුංචි රටට සිදු වෙනවා. 


ඒ නිසා ම මේ ආණ්ඩුව තව ටික කාලයක් තිබුණොත් අද අපි විහිළුවට වගේ සමාජ මාධ්‍යයට එකතු කරන සමහර දේවල් ම ඛේදවාචකයක් බවට පත් වෙලා අප පසුපස හොල්මන් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. 


- රසික ජයකොඩි 

15.10.2020

Saturday, October 10, 2020

විමල් Vs බැසිල්

 විමල් Vs බැසිල් 



විමල් ට කැපිල්ල ආවෙ ඡන්දෙට කලින් ඉදල. විමල්ගෙ මනාප පදනම කොළඹින් කඩා වැටෙන්නෙ නිකම්ම නෙමෙයි . ඒක රාජ්පක්ෂලගෙ ගේම් එකක් . 

Namal ල කිව්වෙ මනාප දෙන්න ඕනෙ පාලනය කරගන්න පහසු අයට කියලා . ඔහු කෙලින්ම කිව්වා ප්‍රසන්න රණවීරලට රෝහිත ලට අර ඔක්සිජන් බුවාලට තමයි මනාප දෙන්න ඕනෙ කියලා .

වෙනදාට වඩා විමල්ට අවම වශයෙන් මනාප ලක්ෂ දෙක තුනක් අඩු උනේ එහෙම .ඒ විතරක් නෙමෙයි රට පුරාම විමල්ගෙන් ඉදිරිපත් උන සියලුදෙනා පරාදයි ජයන්ත හැර.

පොහොට්ටුවට මේ තරම් විශාල ජයග්‍රහණයක් ලැබිලත් විමල්ලට අවම මනාපය වත් නොලැබීම සරළ සිද්දියක් නොවේ.

Sunday, September 13, 2020

#Adisham_bangalow Sri lanka ඇඩිෂම් බංගලාව What is Adisham Bungalow? - ...

#Adisham_bangalow Sri lanka ඇඩිෂම් බංගලාව What is Adisham Bungalow? - ...

Monday, September 7, 2020

Indunil manike ඉදුනිල් මැණිකේ |official song|

Indunil manike ඉදුනිල් මැණිකේ |official song|

Sunday, August 30, 2020

#Duleeka_marapana #sinharajaya#gotabaya පරිසරය බේරාගැනීම ගැන...

#Duleeka_marapana #sinharajaya#gotabaya පරිසරය බේරාගැනීම ගැන...